ඉන්දියාවේ නම් පැරදුනාම ගෙවල්වලට ගල් ගහනවා-ලංකාවේ එහෙම නෑ

ඉන්දියාවේ නම් පැරදුනාම ගෙවල්වලට ගල් ගහනවා-ලංකාවේ එහෙම නෑ

ලෝක කුසලාන තරලාවලිය තමා අපේක්ෂා කළාට වඩා සාර්ථකව සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න පවසයි.

අද(08) උදෑසන දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අවසන් වටයට සුදුසුකම් නොලැබුවත් හොඳින් සෙල්ලම් කර බව තමාට විශ්වාස යැයි ඔහු තව දුරටත් පැවසීය.

කණ්ඩායම තෝරන වේලාවේ දී සිටින හොඳම ක්‍රීඩකයින් තෝරා ගන්නා බවත්, තරග බිමට ගොස් සෙල්ලම් කරන විට සියලු දෙනාට එක ලෙස ක්‍රීඩා කිරීම අපහසු බව ද දිමුත් මාධ්‍යයට කියා සිටියේය.

කණ්ඩායමේ සියලු දෙනාගේ සහයෝගය තමාට හිමි වු බවත් එය නොලැබෙන්න ලකුණු පුවරුවේ හය වන ස්ථානයට හෝ පැමිණීම අසීරු බව ද දිමුත් පවසා සිටියේය.

පන්දුවට පහර දීම අතින් මුල් තරගාවලි කිපය දක්ෂතා අතරට නොපැමිණි බවත්, එසේ වුවා නම් නිසැකයෙන්ම ඉදිරියට යාමට හැකියාව තිබු බවත් ඔහු සඳහන් කළේය.

ඉන්දියාවේ දී නම් තරග පරාජයෙන් පසුව ගෙවල් පවා බිඳ දමන බවත් ලංකාවේ එවැනි තත්ත්වයක් නොමැති බවත් ක්‍රීඩාවේ ස්වරූපය අනුව ජය පරාජය දෙකම පොදු බව ද දිමුත් කරුණාරත්න මහතා පැවසීය.

Source – අද දෙරණ

Share this post

Post Comment